May 07, 2024

කැරට් මිල අහස උසට

December 31, 2015

නුවරඑළියට දින කිහිපයක් තිස්සේ මහ වැසි ඇදහැළුනු නිසා අද (31) දින නුවරඑළියේ ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් මිල කිලෝවක් රු. 260 සිට 270 දක්වා වූ අතර ලීක්ස් රු. 95.00 සිට රු. 100 දක්වාද  බීට් රු. 170.00ක්ද ගෝවා රු. 135.00සිට 140.00 දක්වාද සලාද රු. 110.00ක් දක්වාද ඉහළ ගිය බව වාර්තා වේ.

එහෙත් ආර්ථික මධ්‍යස්ථානයෙන් පරිබාහිරව කැරට් මිල රු. 320.00ට පවා මිලදී ගන්නා අයුරු දැක ගත හැකි විය.

මෙය නුවරඑළියේදී මේ දක්වා වාර්තා වූ කැරට්වල ඉහළම මිල බව සඳහන් වේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 December 2015 17:26