May 08, 2024

ගැබිණි මව්වරු 20 කට ඒඩ්ස්  

December 31, 2015

එච්.අයි.වී ශරීරගත වූ ගැබිණි මව්වරුන් 20 දෙනෙකු පමණ 2015 වසරේ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ගැබිණි මව්වරුන් සඳහා සිදු කරන එච්.අයි.වී රුධිර පරීක්ෂාවේ දී  මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලිංගාශ්‍රිත රෝග හා එච්.අයි.වී ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරයි.

2013 වර්ෂයේ සිට සියලු ගැබිණි මව්වරුන් එච්.අයි.වී පරීක්ෂණයට භාජනය කිරීමේ වැඩිපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව මේ වසරේ දී ගැබිණි මව්වරුන්ගෙන් 70 %ක් පමණ මෙම පරීක්ෂණයට භාජනය කර ඇති අතර එය ලබන වසරේ දී සියයට 100 දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තුවන බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ ය.

එච්.අයි.වී ආසාදනය වූ ගැබිණි මව්වරුන් හඳුනාගෙන ඔවුන්ට නිසි  ප්‍රතිකාර ලබාදීම මඟින් අදාළ වෛරසය දරුවන්ට ඇතුළුවීම වළක්වා ගැනීමට හැකි වී ඇත.

එච්.අයි.වී ආසාදනය වී ඇති බවට හඳුනාගත් මව්වරු 12 දෙනෙකු පමණ මේ වනවිට දරු ප්‍රසූතියන් සිදුකර ඇති අතර එම දරුවන්ගෙන් කිසිවෙකුටත් එච්.අයි.වී ආසාදනය වී නොමැති බව ද වෛද්‍ය සිසිර ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)