May 07, 2024

හිරුණිකාගේ මාධ්‍ය සාකච්ඡාවේ දර්ශන ඉල්ලා අධිකරණ නියෝගයක් 

December 31, 2015

ඉකුත් 22 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි කොළඹ අපරාධ කොට්ඨාශයට ලබාදෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රූපවාහිනී ආයතන කිහිපයකට අද (31) නියෝග කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය මෝසමක් මගින් අධිකරණය වෙත කළ ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කර ඇත.

අදාල පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විසින් එම දර්ශන ඉල්ලා ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 December 2015 12:33