May 19, 2024

ජී.එච්.බුද්ධදාසගෙන් විමල් වීරවංශට නැවතත් අභියෝගයක්

December 31, 2015

කඩුවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා ඊයේ (30) විමල් වීරවංශ මහතාට අභියෝගයක් කළේ ය.

ඊලග මැතිවරණයේදී තරග කර කඩුවෙල නගරාධිපති වන්නැයි තමන් විමල් වීරවංශ මහතාට අභියෝගයක් කරන බව ජී.එච්.බුද්ධදාස මහතා පැවසී ය.

ඔහු මෙසේද පැවසී ය.

"අද විමල් වීරවංශ හිටපු ඇමතිවරයාට මම කියනවා. කිසිම මේවා එකක් නැහැ. අපි සුදානම් හෙට වුනත් පළාත් පාලන මැතිවරණයට තරග කරන්න සුදානම් මම විමල් වීරවංශ උන්නැහේට අභියෝගයක් කරනවා ඔය පාර්ලිමේන්තුවේ පසු පෙලේ මන්ත්‍රිවරයෙක් ඉඳලා වැඩක් නැහැ. කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති තවම තියෙනවා. ඒකට පුලුවන්නම් ඔහේ අටවගන්න කියලා පෙරමුණත් එක්ක ඇවිල්ලා. මාත් එකක් තරග කරලා කඩුවෙල නගරාධිපති වෙන්න කියලා මම අභියෝගයක් ව‍ශයෙන් කරනවා විමල් වීරවංශ උන්නැහේට."

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 December 2015 10:56