May 19, 2024

ඉන්ද්‍රා ද සිල්වා අභාවප‍්‍රාප්ත වෙයි

December 30, 2015

හිටපු පොලිස්පතිවරයෙකු වූ ඉන්ද්‍රා ද සිල්වා මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයෙන් පසු වූ ඒ මහතා පොලිස් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි අතර අද (30) ඇති වූ අසාධ්‍ය තත්ත්වය හමුවේ එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරු ව එලෙස අභාවප‍්‍රාප්ත ඇත.

1944.02.19 වැනි දා අම්බන්ගොඩ ප‍්‍රදේශයේ දී උපත ලැබු ඒ මහතා 1971.12.15 වන දින ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු වශයෙන් පොලිස් සේවයට බැඳී තිබේ.

දිවයිනේ විවිධ ප‍්‍රදේශවල රාජකාරි කර ඇති ඒ මහතා 2003.12.19 වැනි දා සිට 2004.09.30 වැනි දා විශ‍්‍රාම යන තෙක් ශ‍්‍රී ලංකා පොලිසියේ 28 වැනි පොලිස්පති වශයෙන් රාජකාරි කරන ලදී.

ඒ මහතා දේහය අංක 389/බී, එක්සත් මාවත, කලපලුවාව, රාජගිරිය ලිපිනයේ 2015.12.31 වැනි දා පස්වරු 04.00 දක්වා තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු 2015.12.31 වැනි දා සවස 05.00ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 December 2015 18:55