May 19, 2024

වරකාපොල අනතුරින් දැරියක් මිය යයි (VIDEO)

වරකාපොල - දුම්මලදෙණිය ප්‍රදේශයේ දී අද (30) අලුයම සිදු වූ අනතුරෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දැරියක් අද දහවල් මරණයට පත් ව තිබේ. 

වෑන් රථයේ සිටි අවුරුද්දක් පමණ වයසැති කුඩා දැරියක් එලෙස මියගොස් ඇත.

සමන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථය සෝමාවතිය දක්වා වන්දනා නඩයක් රැගෙන යමින් තිබූ බස් රථයක ගැටී මෙම අනතුර සිදු විය. 

අනතුරින් වෑන් රථයේ රියැදුරු ඇතුළු තවත් 05 දෙනෙකු එම ස්ථානයේ දී ම මරණයට පත් වූ අතර ඔවුන් සමන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ සිටි පුද්ගලයින් 13 දෙනෙකු සහ බස් රථයේ සිටි පුද්ගලයින් 12 දෙනෙකු කොළඹ ජාතික රෝහල, කෑගල්ල සහ වතුපිටිවල යන රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 December 2015 17:49