May 19, 2024

අන්තර්ජාලයේ අනාගතය ගැන හරීන්ගෙන් සහතිකයක්

December 30, 2015

මෙරට තුළ අධිවේගී අන්තර්ජාල සබඳතාවල අනාගතය පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් පැන නැගෙන බවට පළ වන පුවත් පිළිබඳ අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම පුවත පිළිබඳව පැහැදිලි කළ අමාත්‍යවරයා පවසන්නේ අන්තර්ජාල පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ කමිටුවක් ව්‍යාප්ත වී තිබු බවත් එම කමිටුවට 18 දෙනෙක් යුත් කණ්ඩායමක් සිටි බවත් ය. මෙම කම්ටුවේ කිහිපදෙනෙකුගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කර නොමැති අතර ඉන් කිහිපදෙනෙක් ඉවත් කර ඇති බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ ය.

එසේ ඉවත් කළ කණ්ඩායම විසින් මෙවැනි පුවතක් මාධ්‍යයට නිකුත් කර ඇති අතර ඔවුන් ඉවත් කළ නිසා ලංකාවේ අන්තර්ජාලය ඇණහිටින බවට ඔවුන් ප්‍රකාශ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

එසේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවතින්නේ තමා යටතේ නොවන නමුත් අන්තර්ජාල පහසුකම හා අන්තර්ජාලයේ වේගවත්කම යන කාරණාවල අයිතිය පවතින්නේ තම අමාත්‍යාංශයට බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

විදුලි සංදේශ නියාමන කොමිසම මඟින් අතීතයේ මේ පිළිබඳ කටයුතු සිදුකළ නමුත් දැන් එම වගකීම ලබාගෙන ඇත්තේ තම අමාත්‍යාංශයේ ICT අංශය මගින් බවයි අමාත්‍යවරයා පවසා සිටින්නේ. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 December 2015 17:40