May 19, 2024

මහේල සහ සංගාගේ සමාගම 'බ්ලැක් ලිස්ට්' කරයි

December 30, 2015

එන්රිකේ ඉග්ලේසියස් නමැති විදේශීය ගායකයාගේ ප්‍රසංගය සංවිධාන කළ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරට අයත් සමාගම අසාදු ලේඛන ගත කිරීමට කොළඹ මහනගර සභාව තීරණය කර තිබේ.

රුපියල් මිලියන 29ක විනෝද බද්ද ගෙවීම පැහැර හැරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත. අදාළ මුදල ගෙවනතුරු ඔවුන්ගේ සමාගමට ඉදිරියේ දී කිසිදු වැඩසටහනක් කොළඹ මහනගර සභා සීමාව තුළ පැවැත්වීමට අවසර නොලැබෙයි.

අද (30) පැවති මාධ්‍ය හමුවක දී කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මෙම කරුණු අනාවරණ කළේ ය.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 30 December 2015 14:25