May 19, 2024

කුමාර් ගුණරත්නම් යළිත් රිමාන්ඩ් 

December 30, 2015

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැලකෙන කුමාර් ගුණරත්නම් ජනවාරි 08 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (30) නියෝග කළේ ය.

එදිනට අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි ආගමන විගමන පාලකවරයාට මීට පෙර නියෝග කර තිබිණ.

ආගමන විගමන පනත උල්ලංඝණය කිරීමේ චෝදනාව මත කුමාර් ගුණරත්නම් කෑගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ නොවැම්බර් මස 04 වැනි දා ය. 

අද (30) දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කුමාර් ගුණරත්නම් අධිකරණයට රැගෙන ආ අතර ඔහුගේ මව රාජිනි ගුණරත්නම් ද අධිකරණ භූමියට පැමිණ සිටියා ය.

Rate this item
(0 votes)