May 19, 2024

රාජාංගන ජලාශයේ වාන් දොරටු 10ක් විවෘතයි 

December 30, 2015

රජරට ප්‍රදේශයට පවතින අධික වැසි හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කර තිබේ.

කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එහි වාන් දොරටු දෙක මේ වනවිට අඩි 12 බැගින් විවෘත කර ඇති බව කලාවැව භාර වාරිමාර්ග ඉංජිනේරු එම්.එච්.එම්.ආර්. බණ්ඩාර මහතා සඳහන් කළේ ය. 

කලාවැවෙන් ජලය මුදා හැරීම හේතුවෙන් කලාඔය පිටාර ගැලීම ආරම්භ කර ඇති බවත් ඒ හෙතුවෙන් අවුකන - කලාවැව මාර්ගය සහ බුල්නෑව - ඇදගල මාර්ගය ජලයෙන් යට ව ඇති බවත් හෙතෙම පැවසී ය.

ඊට අමතර ව අංගමුව වැවේ වාන් දොරටු 02 ද පවතින අධික ජල ධාරිතාවය හේතුවෙන් අඩි දෙක බැගින් විවෘත කර තිබේ.

 

Rate this item
(0 votes)