May 19, 2024

සිගිරි ළදුන්ගේ ඡායාරූප ගැනීම අද සිට තහනම් 

December 30, 2015

සීගිරි බිතුසිතුවම් ලෙනේ පිහිටි ඉපැරණි බදාම තට්ටුවක් කඩා වැටීමත් සමග බිතුසිතුවම් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව සීගිරි බිතුසිතුවම් වල ඡායාරූප ගැනීම තහනම් කල බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා මහතා පැවසුවේය.

මීට පෙර විදුලි ධාරා නොමැතිව ඡායාරූප ගැනීමට අවසර තිබිණි. එහෙත් බොහෝ දෙනා විදුලි ධාරා සහිත ඡායාරූප ලබාගනා බව මාධ්‍ය මගින් පෙන්වා දී තිබිණි.

සීගිරි සිතුවම් ලෙන භාරව ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නිසා මේ තීරණය පාර්ශව දෙකම එකතුවී ගත් බව ගුණවර්ධන මහතා පැවසී ය.

කාංචන කුමාර ආරියදාස

 

Rate this item
(0 votes)