May 19, 2024

බොරැල්ලට නව රථවාහන සැලැස්මක්

December 30, 2015

හෙට (31) සිට ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ බොරැල්ල දෙසට පැමිණෙන වාහනවලින් මගී ප්‍රවාහන බස් රථවලට පමණක් ඩී.එස්. වර්ණ සංඥා අසලින් බේස්ලයින් මාර්ගය ඔස්සේ බොරැල්ලට ළඟාවීමට අවසර හිමි වේ. 

සතියේ වැඩ කරන දිනවල පෙරවරු 07.30 සිට 08.45 දක්වා නව වැඩපිළිවෙල ක්‍රියාත්මක ය. 

අදාළ කාලය තුළ අනෙකුත් වාහන විකල්ප මාර්ග භාවිත කළ යුතු බව පොලීසිය ප්‍රකාශ කරයි.

බොරැල්ල දෙසට යාමට අවශ්‍ය රියැදුරන්ට,   

01) ආයුර්වේද හංදියෙන් කොටා පාරට හරවා බොරැල්ල හංදියෙන් ගමන් කිරිම

02) දේවිබාලිකා හංදියෙන් කනත්ත අයින පාර දිගේ ගොස් කනත්ත වටරවුමෙන් හැරි බේස්ලයින්  පාරේ බොරැල්ලට ගමන් කිරිම

03) ජයවර්ධනපුර පාරේ පැමිණ බේස්ලයින් පාර පසු කර කිංසි පාරට හරවා බෝඩ් පෙදෙසට ගමන් කර බොරැල්ල හරස් පාරෙන් මරදාන පාරට ගමන් කර බොරැල්ලට ගමන් කිරිම

යන විකල්ප මාර්ග භාවිත කළ හැකි බව පොලීසිය පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)