May 19, 2024

ලංකාවට අධිවේගී අන්තර්ජාලය අහිමිවන ලකුණු

December 30, 2015

මෙරට තුළ අධිවේගී අන්තර්ජාල සබඳතාවල අනාගතය පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් පැන නැගී ඇතැයි වාර්තා වේ.

මෙයට හේතු වී ඇත්තේ මේ වන විට ක්‍රියාත්මක වන NBI (National Broadband Initiative) නමැති සේවාව අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කිරීම යි.

අඩු මිල ගණන් යටතේ අධිවේගී අන්තර්ජාල පහසුකම් අත්විඳීමට මෙරට ජනතාවට මෙම සේවාව තුළින් හැකියාව සැලසුනි.

නමුත් පසුගිය රජය පැවති සමයේ දී ආරම්භ කළ මෙම NBI සේවාව අත්හිටුවීමට, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්ව ඇති සුනිල් එස්. සිරිසේන මහතා තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 December 2015 12:26