May 19, 2024

විමල්ගේ පක්ෂය සන්ධානයේ නෑ - තව පක්ෂ 09ක් සාමාජිකත්වය ඉල්ලයි

December 30, 2015

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගත වී ඇත්තේ පක්ෂ හතරක් පමණක් බවත් තවත් පක්ෂ 09 ක් පමණ සන්ධානයේ සාමාජිකත්වය ඉල්ලා ඇති බවත් සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දේශවිමුක්ති ජනතා පක්ෂය, මහජන එක්සත් පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය පමණක් එලෙස සන්ධානගත වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් නොවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සන්ධානයේ කටයුතු සම්බන්ධයෙන් මහජන එක්සත් පෙරමුණේ ගැටලු සාකච්ඡා කර අවසන් විසඳුමකට පැමිණිමේ හැකියාව ඇති බවද එමෙන්ම අලුතින් සාමාජිකත්වය ඉල්ලා ඇති පක්ෂ 09 සම්බන්ධයෙන් සාකච්ඡා කර සාමාජිකත්වය දීමට සුදුසු පක්ෂ පමණක් එයට සම්බන්ධ කරගන්නා බවද හෙතෙම පැවසී ය.

එමෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ගෙන ආ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා එවකට පක්ෂයේ බොහෝ දෙනා අකමැති වුවද, පක්ෂයට තිබූ බැඳීම හේතුවෙන් ඒ අවස්ථාවේදී එකට සිටි බවද එස්.බී. දිසානායක මහතා අනාවරණය කළේය.

 

 

Rate this item
(0 votes)