May 19, 2024

හිරුණිකාගේ ආරක්ෂකයින් දෙදෙනා අද අධිකරණයට

December 30, 2015

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණීකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ජීප් රථයකින් පුද්ගලයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් ඊයේ(29) පස්වරුවේ අත්අඩංගුවට ගත් දෙදෙනා අද(30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මොවුන් දෙදෙනා ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසී ය. 

මෙම සැකකරුවන් අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරරුව ජනවාරි 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් එදිනට හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කර ඇත.

 

Rate this item
(0 votes)