May 19, 2024

වරකාපොල අනතුරින් 05 දෙනෙක් මිය යයි

December 30, 2015

වරකාපොල, දුම්මලදෙණියේ අද (30) අලුයම සිදු වූ අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මරණයට පත් ව තිබේ.

පිළියන්දළ සිට සෝමාවතියේ වන්දනා චාරිකාවක් යමින් සිටි බස් රථයක් හා සමන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුරු ව සිදුව ඇත.

කාන්තාවන් සිව් දෙනෙකු හා එක් පිරිමියෙකු අනතුරින් මරණයට පත් ව ඇති බවත් කුඩා දරුවෙකු ද ඒ අතර සිටින බවත් වාර්තා වේ. මරණයට පත් වූ සියල්ලන්ම වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයින් ය.

මෘත ශරීර වරකාපොල රෝහලේ තැන්පත් කර ඇති අතර අතර වරකාපොල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 December 2015 09:28