May 19, 2024

කහවත්තේ ඝාතන සැකකරු යළි රිමාන්ඩ්

December 29, 2015

කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ සිදු වූ කාන්තා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ජනවාරි මස 12 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කහවත්ත, ඕපාතවත්ත ප්‍රදේශයේ සිදු වූ කාන්තා ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකරු ප්‍රදේශයේ සිදු වූ තවත් කාන්තා ඝාතන 06කට සම්බන්ධ බවට ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අදාළ සැකකරු අද (29) අධිකරණයට ඉදිරිපත් කරමින් ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.

ඒ අනුව සැකකරු වැලිකඩ බන්ධනාගාරයේ විශේෂඥ වෛද්‍ය ඇන්ජලෝ අල්විස් මහතා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇතැයි වාර්තා වේ.

 

Rate this item
(0 votes)