May 19, 2024

ජල සේවක වර්ජනය අවසන් 

December 29, 2015

ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩල සේවකයන් දීප ව්‍යාප්තව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබේ. 

ජල සම්පාදන මණ්ඩල කළමනාකාරිත්වය, අමාත්‍යාංශයේ ඉහළ නිළධාරින් සහ වෘත්තීය සමිති එක් ව ඊයේ (28) රාත්‍රීයේ පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරු ව කප්පාදු කළ ප්‍රසාද දීමනා යළි ගෙවීමට එකඟතාවයකට පැමිණි බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කරයි. 

ඒ පිළිබඳ ලිඛිත පොරොන්දුව අද (29) පෙරවරුවේ ලැබුණු බව ද ඔහු පැවසී ය.

ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන්ට වසර අවසානයේ රුපියල් 37,000 ක ප්‍රසාද දීමනාවක් ගෙවීමට නියමිත ව තිබුණ ද  ඔවුන්ට ගෙවා ඇත්තේ රුපියල් 25,000 ක දීමනාවක් පමණි. 

ඒ හේතුවෙන් ජල සම්පාදන සේවකයන් ඊයේ (28) පෙරවරු 08.00 සිට පස්වරු 12.00 දක්වා සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විය.

ප්‍රසාද දීමනා ගැටලුවට විසඳුම් නොලැබුණු බව පවසමින් ව ඔවුන් ඊයේ පස්වරුවේ අතිකාල සේවාවලින් සහ රාත්‍රී සේවා මුරවලින් ද ඉවත් විය. අනතුරු ව ඔවුන් අද පෙරවරු 09.00 ට යළිත් සිය සේවාවලින් බැහැර වී ඇත.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව කප්පාදුකළ ප්‍රසාද දීමනා ලබාදීමට තීරණය කළ බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති අලව්දීන් අන්සාර් මහතා සඳහන් කළේ ය.

Rate this item
(0 votes)