May 19, 2024

'නිරුවතින් පාරේ යන්න ඉඩදෙන්න බෑ' - ජනපති කියයි

December 29, 2015

දේශීය වටිනාකම් ගැන කථා කළ තමාට අන්තර්ජාලයෙන් දිගට හරහට පහර දෙන නමුත් විජාතික සංස්කෘතියට යටවූ අයට නිරුවතින් මහපාරේ යාමට ඉඩදිය නොහැකි යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අද (29) බත්තරමුල්ල ‘අපේගම‘ දී පැවති ජාතික ශිල්ප සභාවේ ජාතික සම්මාන ප්‍රධානෝත්සවයේදී ය.

‘දේශීය දේ අගය කරන්නැයි පැවසීම නිසා මට දිගට හරහට පහර දෙනවා. අන්තර්ජාලයෙන් මා පට්ට ගහනවා. පොඩි පට්ටම් කරනවා. හැබැයි එසේ කිරීමෙන් ඇඹරෙන්නේ මම නෙමෙයි. ඒවා කරන අයමයි. මම කුඹුරේ නියරේ ගමේ ඇවිද්ද මිනිහෙක්. අපේ හැදියාව සැකැස්ම හා හොඳ නරක අනුවයි මා වැඩ කරන්නේ. කිසිවකුටත් නිරුවතින් පාරේ යන්න ඉඩදෙන්න බෑ‘ යැයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Rate this item
(1 Vote)