May 19, 2024

කුණ්ඩසාලේ භූචලන තත්ත්වයක්

December 29, 2015

කුණ්ඩසාලේ සහ මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ප්‍රදේශ කිහිපයක භූචලන තත්ත්වයක් සිදු වූ බව ප්‍රදේශවාසීන් පවසයි.

ඊයේ (28) රාත්‍රියේ දිගන, අඹකොටේ, කුඹුක්කඳුර, සෙනරත්වෙල, මාබේරිතැන්න, නිතුලේමඩ යන ප්‍රදේශවලට මෙම භූචලන තත්ත්වය සිදු වී ඇත.

ඊයේ රාත්‍රී 10.15ත් 10.45ත් අතර කාලය තුළ විශාල ශබ්දයක් සමග පොළව සෙලවීයාමක් සිදු වූ බව එම ප්‍රදේශවල ජනතාව සඳහන් කරයි. ඇතැම් නිවෙස්වල දල්වා තිබූ විදුලි බුබුළු ද නිවී ගොස් ඇතැයි වාර්තා වේ.

මෙම භූචලනය පිළිබඳ පල්ලේකැලේ භූවිද්‍යා මාපකයේ සටහන් ව ඇති බව භූකම්පන හා සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කෙසේ වුව ද එම චලනය ස්වභාවික ව ඇති වූවක් ද නැතහොත් කෘතිමව ඇතිවූවක් ද යන්න පිළිබඳ පරීක්ෂණ සිදු කරන බව එහි භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

 

Rate this item
(0 votes)