May 19, 2024

විල්පත්තු විවාදයේ උණුසුම් තත්ත්වයක් - කුරාණයේ අත තබා දිවුරන්න ඇමති රිෂාඩ් බෑ කියයි (VIDEO)

තමන් විල්පත්තු රක්‍ෂිතය වනසමින් ජනාවාස පිහිටුවූයේ නැති බවට කුරාණයේ අත තබා දිවුරන්නැයි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් කරනු ලැබූ අභියෝගයක් ඇමති රිෂාඩ් බදුර්දීන් මහතා ප‍්‍රතික්ෂේප කළේය.

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් ඊයේ (28) රාත්‍රී හිරු රූපවාහිනියේ 'සලකුණ' විශේෂ වැඩසටහනේදී පැවති විවාදය අතරතුරදී මේ සිදුවීම සිදුවිය.

එම විවාදයට පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එක්ව සිටියහ. 

මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කලේ තමා කිසි ලෙසකින් හෝ විල්පත්තුවේ නිවාස ඉදි කිරීමට අවසර ලබාදී නොමැති බවයි. 

මෙම සංවාදයේදී දෙපාර්ශවයම විවාද තර්ක ඉදිරිපත් කරමින් විල්පත්තු වනාන්තරය අවට ප්‍රදේශය විනාශ කරමින් ජනාවාස ඉදි කිරීම පිළිබඳ උණුසුම් විවාදයක නිරත විය. 

රජය වෙන්කල ප්‍රමාණය ඉක්මවා යමින් වනාන්තරය එළිකල නිවාස ඉදිකර ඇතැයි ආනන්ද සාගර හිමියන් එහිදී පෙන්වා දුන්නා.

එහෙත් එය ප්‍රතික්ෂේප කරමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කළේ එම නිවාස ඉදිකර ඇත්තේ නීතිමය අවසරය මත පමණක් බවයි. 

එම වැඩසටහනේදී විශේෂත්වයක් වුයේ කැලෑ විනාශ නොකල බවට කුරාණයේ අත තබා දිවුරන ලෙසට ආනන්ද සාගර හිමියන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට ප්‍රකාශ කළ අතර එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. 

එම විවාදයේ සම්පුර්ණ වීඩියෝව පහතින් නරඹන්න. 

Rate this item
(0 votes)