May 19, 2024

බලෙන් ඉඩම් අල්ලා ගත් පුද්ගලයින් STF නිලධාරීන් විසින් ඉවත් කරයි

December 29, 2015

වාලච්චේන, පූනානි ප්‍රදේශයේ බලහත්කාරයෙන් ඉඩම් අත්පත්කර ගත් පුද්ගලයින් ඉවත් කිරීම සඳහා පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යෙදවීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් නිලධාරින් 150 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 75 දෙනෙකු යෙද වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසී ය.

පුද්ගලයින් 500 කට අධික පිරිසක් පැමිණ ඉකුත් 27 වැනි දා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් එම ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට උත්සාහ දරා ඇති බව ඔහු සඳහන් කළේ ය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල එවන ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව පරිසරවේදී තිලක් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ය.

පූනානිහි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 500 කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් එලෙස පිරිසක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට උත්සාහ දරා ඇති බව වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ මහතා සඳහන් කළේ ය.

Rate this item
(0 votes)