May 19, 2024

සීගිරි සිතුවම්වල බදාම තට්ටුවක් ගැලවෙයි (PHOTOS) 

December 29, 2015

සීගිරිය බිතුසිතුවම් ලෙනේ ඉහළ කොටසේ අඩි එක හමාරක පමණ ඉපැරණි බදාම තට්ටුවක් ඊයේ (28) කඩා වැටී තිබේ.

මේ දිනවල අධික වර්ෂාවක් පැවතිය ද විශාල ජනතාවක් ද සීගිරියට පැමිණෙමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කරයි.

මෙම බදාම තට්ටුව කඩා වැටීම මාධ්‍යයෙන් සැඟවීමට බලධාරීන් දැඩි උත්සාහයක නිරත වූ බව ද වාර්තා වේ. පුරවිධ්‍යා දෙපාර්තමේන්තුව බිතිසිතුවම් ගුහාව බාරව කටයුතු කරයි. 

මේ පිළිබඳ අප කළ විමසීමේ දී ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් කොළඹට කතා කර විස්තර දැනගන්නා ලෙසත් එහි ආරක්ෂක නිලධාරීන් සහ ස්ථාන බාර නිලධාරීන් සඳහන් කළේ ය.

කාංචන කුමාර ආරියදාස

 

Rate this item
(0 votes)