May 04, 2024

අද සිට යළිත් කටුනායක - චෙන්නායි ගුවන් ගමන් ඇරඹෙයි

December 08, 2015

ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දින කිහිපයක් තිස්සේ නතර කර තිබූ කටුනායක හා චෙන්නායි අතර ගුවන් ගමන් අද (08) සිට යළි ආරම්භ කිරීමට ට නියමිත ව තිබේ.

ඒ අනුව සුපුරුදු පරිදි ගුවන් ගමන් අද සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

චෙන්නායි ප්‍රදේශයට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ චෙන්නායි ගුවන්තොටුපළ ජලයෙන් යට වී තිබීම හේතුවෙන් පසුගිය දින කිහිපයේ එම ගුවන්තොටුපොළ වසා දමා තිබිණ.

Rate this item
(0 votes)