May 04, 2024

ඒඩ්ස් හඳුනා ගැනීමට සරසවි සිසුන්ගේ රුධිර පරික්ෂාවක්

December 08, 2015

විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට පෙර සියලු සිසුන් රුධිර පරික්ෂාවක් සඳහා යොමු කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ (07) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදය ආරම්භවීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එච්.අයි.වී ඇතුළු සියලු රෝග හඳුනා ගැනීමේ අරමුණින් මෙය සිදු කළ යුතු බවයි.

මේ වනවිට දිවයින පුරා වයස අවුරුදු 09ට අඩු එච්.අයි.වී ආසාධිතයින් 71 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

දැනට පාසල් ළමුන් 20 දෙනෙකුට එච්.අයි.වී ආසාධනය වී ඇති බවත් එය ආසාධනය වී ඇති ළමුන්ගෙන් විශේෂයෙන් වයස අවුරුදු 15ට ළමුන්ගෙන් බහුතරයකට එය ආසාධනය වී ඇත්තේ මවගෙන් බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.

මෙය වැළැක්වීම සඳහා උසස් පෙළ සියලු සිසුන්ගේ රුධිර පරික්ෂාවක් කිරීම වැදගත් බවත් එමගින් එච්.අයී.වී ආසාධනය පමණක් වෙනත් රෝග ද හඳුනා ගැනීමට හැකිවන බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.

එසේම සරසවියට ඇතුළුවන සියලු සිසුන් ද රුධිර පරික්ෂාවකට ලක් කිරීමෙන් එම ආසාධනයට ‍ඔවුන් ගොදුරු වී ඇතිදැයි අනාවරණය කර ගත හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

කෙසේ වුව ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ආකාරයක් ‍හෝ ක්‍රියාත්මක කරන දිනයක් පිළිබඳ අමාත්‍යවරයා අදහස් පළ නොකළ අතර එය යෝජනාවක් ලෙස ඔහු හඳුන්වා දී තිබේ.

 

Rate this item
(0 votes)