May 04, 2024

පොලිස් සේවයේ වැටුප් ඉහළට 

December 08, 2015

පොලිස් කොස්තාපල්වරයාගේ සිට පොලිස්පතිවරයා දක්වා වූ සියලු දෙනාගේ මූලික වැටුප 40% කින් ඉහළ දැමීමට රජය සැලසුම කර ඇති බවත් මූලික වැටුපේ විෂමතාව ඉවත් කර වැටුප් වර්ධක ලබාදීමටත් සැලසුම් කර ඇති බවත් නීතිය හා සාමය දක්ෂණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි.

අදියර 02 ක් යටතේ වැටුප් වැඩිවීම සහ වර්ධක වැඩිවීම සිදුවන බවත් ඒ අනුව 2016 වසරේ ජනවාරි මාසයේ සිට 20% ක වැටුප් වැඩි වීමකුත්, 2017 වසරේදී 20% ක වැටුප් වැඩිවීමකුත් වශයෙන් මූලික වැටුප ඉහළ දමන බවත් ඒ මහතා පැවසී ය.

 

Rate this item
(0 votes)