May 04, 2024

අධ්‍යාපන ඇමතිගේ ටැබ් එක ගැන ප්‍රශ්නයක් 

December 07, 2015

රජයේ විදයමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මිල දී ගෙන ඇති ටැබ් පරිගණකයක් සම්බන්ධ ව අද (07) දහවල් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් පළ විය.

අමාත්‍යවරයෙකු සතු වරප්‍රසාද යටතේ එය මිල දී ගත්තේ රාජකාරි කටයුතු පහසු කර ගැනීම සඳහා බව අකිල විරාජ් කාරියවසම් මහතා එහි දී සඳහන් කළේ ය.

රුපියල් එක්ලක්ෂ තිස්පන්දහසක මුදලකට එය මිල දී ගෙන ඇති බවත් රුපියල් 35,000 ක් වැය කර එය අලුත්වැඩියා කර ඇති බවත් වෘත්තීය සමිති එල්ල කරන චෝදනාව සම්බන්ධව මෙහි දී මාධ්‍යවේදීහු කරුණු විමසා සිටියහ.

එහි දී නැගූ ප්‍රශ්න පහත පරිදි වේ.

Q :- ඔබ අමාත්‍යාංශයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික පරිහරණය සඳහා ටැබ් පරිගණකයක් ලබාගෙන තිබෙන බවට එල්ල වෙන චෝදනා ඇත්තක් ද?

මම අමාත්‍යාංශයේ රෙගුලාසිවලට පිටින් කිසිවක් අරගෙන නැහැ. නමුත් ඊමේල් පරීක්ෂා කරන්න ටැබ් එකක් අරගෙන තියෙනවා. අමාත්‍යවරයෙකුට තියෙන වරප්‍රසාදයක් නිසා ඒක එච්චර ප්‍රශ්නයක් නොවෙයි. අමාත්‍යාංශය බාරගත් මුල් කාලයේමයි එය මිල දී ගත්තේ.

අපි කොමිස් ගහන්නෙත් නෑ. ඩීල් දාන්නෙත් නෑ. හොරකම් කරන්නෙත් නෑ. මෙතනට ඇවිත් මේ වැඩේ කරන්න කොම්පියුටර් එකක්, දුරකථනයක් හෝ ටැබ් එකක් ගන්න බැරිනම් වැඩක් නැහැ. අමාත්‍යවරයා වශයෙන් සේවය කරන්නයි ඒවා ගන්නේ. ඒවා ගන්න බැරිනම් හරිම අසාධාරණයි.

Q :-  ඔබට කලින් සිටි ඇමතිවරයාත් එවැනි මිලදීගැනීම් කර තිබෙනවා ද?

ඒ අයත් මිල දී අරගෙන තියෙනවා. ඒ වගේම අමාත්‍යාංශයට යළි භාර දී තියෙනවා.

Q :- ඒක එතකොට අමාත්‍යාංශයේ දේපළක් වෙනවා ද?

ඒක අමාත්‍යාංශයේ දේපළක් තමයි. මම යද්දි ඒක දීලා යනවා.

 

Rate this item
(0 votes)