May 06, 2024

සිරිකොතට පැමිණිලි 31,897 ක් - විමර්ශන ඇරඹේ

December 04, 2015

පසුගිය කාලයේ දී දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ ජනතාවට සහන සැලසීම සඳහා පත්කළ සිරිකොත දේශපාලන පළිගැනීම් කමිටුවට ලැබී තිබෙන පැමිණිලි විභාග කිරීම ඊයේ (03) සිට ආරම්භ කර තිබේ.

මෙම කමිටුවට පැමිණිලි 31,897 ක් ලැබී තිබෙන අතර, එම පැමිණිලිවලින් පැමිණිලි 6000 ක් විමර්ශනය කිරීම බන්ධානගාර ප්‍රතිසංස්කරණ, පුනුරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයට පවරා ඇත.

ඒ අනුව එම අමාත්‍යාංශයේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පැමිණිලි විභාග කිරීම ආරම්භ කෙරිණි.

පැමිණිලි විභාග කිරීම ත්‍රිපුද්ගල කමිටුවක් විසින් කරනු ලබන අතර එම කමිටුවේ සභාපතීත්වය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනුරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.එම්. නයිමුදීන් මහතාට ලබා දී තිබේ.

 

Rate this item
(0 votes)