May 06, 2024

මාළඹේ රෝහලේ වෛද්‍යවරු 13කට ලියාපදිංචිය නෑ - අදාල ලිපි මෙන්න  

December 03, 2015

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල තුල වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අලුත් නොකළ වෛද්‍යවරු 13 දෙනෙකු සිටින බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඔවුන් නිකුත්කළ නිවේදනයේ දැක්වේ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය වෙනුවෙන් එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.

එම වෛද්‍යවරුන් අතර පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට ප්‍රතිකාර කල වෛද්‍යවරුද සිටින බව පෙනී යන බව ද එහි සදහන් වේ.

එහිදී ඉදිරිපත් කල පැමිණිල්ල,නෙවිල් ප්‍රනාන්දු රෝහල මගින් තම කාර්ය මණ්ඩලය ලෙස නම් කර ඇති වෛද්‍යවරුන්ගේ ලේඛනය හා ඔවුන්ගේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ඉදිරිපත් කල ලේඛන වල පිටපත් පහත දැක්වේ.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 December 2015 14:12