May 07, 2024

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ධූරය ප්‍ර‍දීප් ගුණවර්ධනට (VIDEO)  

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) නව සභාපතිවරයා ලෙස ප්‍ර‍දීප් ගුණවර්ධන මහතා පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ නිර්දේශය මත ප්‍ර‍දීප් ගුණවර්ධන මහතා ඊයේ (02) නව සභාපතිවරයා ලෙස වැඩ බාරගත්තේය.

ප්‍රදීප් ගුණවර්ධන මහතා අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ කොන්සාල් ජනරාල්වරයා ලෙසද සේවය කළ අතර එම කාලය අතරතුර ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර සාමජයීය, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් අන්තර් සහයෝගීතාවය ශක්තිමත් කිරීමට ඇප කැප වී කටයුතු කළේය. 

පසුව රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙසද ප්‍රදීප් ගුණවර්ධන මහතා කටයුතු ක‍ළේය. පාඩු ලබන ආයතනයක් ලෙස වසා දැමීමට තීරණය වී තිබූ STC ආයතනය නව කළමණාකාරීත්වයත් සමඟින් නව පිබිදීමක් ආරම්භ කර එය ලාභදායී ආයතනයක් ලෙස පත් කිරීමට සමත් විය.

එහිදී රාජ්‍ය වෙළෙඳාම වෙත නව ව්‍යාපෘති හා නව නිර්මාණ හඳුන්වා දීමට ප්‍රදීප් ගුණවර්ධන මහතා පෙර ගමන්කරුවකු ලෙස ක්‍රියා කළ අතර ඔහු නව ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කළේය. ඒ අනුව  “උපහාර” හා “වෙබ් පාඨශාලා” ව්‍යාපෘති ලාංකේය සන්නිවේදන ක්ෂේත්‍රය තුළ නව පෙරලියක් ඇති කිරීමට සමත් විය. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 December 2015 15:50