May 06, 2024

පොලිස් නිලධාරියෙකුගේ රන් මාලය කොල්ල කයි

December 03, 2015

පොලිස් නිලධාරියෙකුගේ රන් මාලයක් හා ඔහුගේ ජංගම දුරකතනය කොල්ල කා පළා යමින් සිටි සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුට ගෙන තිබේ.

ඊයේ (02) පස්වරුවේ ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමට යාමේ දී එහි සිටි පුද්ගලයන් එක් පොලිස් නිලධාරියෙකුට පහර දී අනෙක් නිලධාරියාගේ රන් මාලය හා ජංගම දුරකතනය කොල්ල කා තිබේ.

පලා යමින් සිටි සැකකරුවන් පිට්ටුගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවත් ඔවුන් සන්තකයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, බොර 12 ජීව පතොරමක් හා කිනිසි දෙකක් සොයාගත් බවත් පොලීසිය පවසයි.

 

Rate this item
(0 votes)