May 06, 2024

වෛද්‍ය වැඩ වර්ජනයෙන් රෝගීන් අමාරුවේ - රෝගීන් රජයට, වෛද්‍යවරුන්ට දොස් කියයි (PHOTOS) 

December 03, 2015

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළුව වෘත්තීය සමිති කිහිපයක් අයවැයට එරෙහිව අද (03) වැඩ වර්ජනයක නිරත වීම නිසා රටපුරා රෝහල් රැසක රෝගීන් දැඩි අසීරුවට පත්වූහ.

වෛද්‍යවරුන්ගේ සංගමය පැවසූයේ වාහන බලපත්‍ර ඇතුළු තම අයිතිවාසිකම් රැසක් අහිමි කිරීමට එරෙහිව ඔවුන් තැබූ පළමු පියවර මෙය බවයි.

තීරු බදු රහිත වාහන ලබා ගැනීම සඳහා වෛද්‍යවරු ඇතුළු පිරිසට රුපියල් ලක්ෂ 10ක දීමනාවක් ගෙවන බව රජය පවසයි.

ළමා රෝහල් හා මාතෘ රෝහල්හි මෙම වර්ජනය නොපවතින බව වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

මේ අතර පාදුක්ක රෝහලේ බාහිර අංශයේ වෛද්‍යවරියක පමණක් ලෙඩුන්ට ප්‍රතිකාර කරන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේද වෛද්‍ය නිලධාරීන් අද වැඩ වර්ජනයේ යෙදී ඇත. මඩකලපුව ශීක්ෂණ රෝහලේ සිදුවන වැඩ වර්ජනයෙන් රෝගීන් විශාල අපහසුතාවයට මුහුණ දී ඇත.

හැටන් - දික්ඔය මුලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා වතුකරයේ රෝගි ජනතාව දැඩි අසිරුතාවයකට පත්ව ඇතැයි අප වාර්තාකරු පවසයි.

දික්ඔය මුලික රෝහලේ බාහිර රෝගි අංශයේ හදිසි සේවාවන් පමණක් පවත්වා ගෙන යන අතර කිසිදු රෝගියෙකු සදහා ඖෂධ ලබාදිමක් සිදුකර නැතැයි වාර්තා වේ. 

දික්ඔය මුලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණී රෝගින් පැවසුවේ වෛද්‍යවරුන්ගේ මෙම වැඩ වර්ජනය අසාධාරණ බවයි.

දඹුල්ල මුලික රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි බාහිර හා සායන රෝගීන්ට ප්‍රතිකාර නොලබා නැවත නිවෙස් වලට යාමට සිදුවිණි. 

රෝගීන් බොහෝ දෙනෙක් වැඩවර්ජනය නොදන්නා නිසා පැමිණ ඇති බවත් රෝගීන් තැන තැන වාඩිවී සිටි බවත් අප වාර්තාකරු පැවසී ය.

ඇතැම් රෝගීන් රාජ්‍ය සේවයට දොස් කියන්නටත් තවත් පිරිසක් ආණ්ඩුවට දොස් කියන්නට විය. 

දඹුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර සහ නේවාසික ප්‍රතිකාර සාමාන්‍ය පරිදි සිදුකරන බව වාර්තා වේ.

එම ඡායාරූප පහතින්

(දඹුල්ල - කාංචන කුමාර, හැටන් - රංජිත් රාජපක්ෂ, මඩකලපුව - ජවුෆර්කාන්)

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 December 2015 12:12