May 19, 2024

'දිවිනැගුම අරමුදල දෙන්නේ නෑ' - අයවැයේ නොකළ යුතු දේ ඇමති එස්.බී කියයි

December 02, 2015

අයවැය යෝජනා කිහිපයක් සංශෝධනය විය යුතු බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද (02) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ, දිවිනැගුම අරමුදලේ මුදල් ජාතික ඉතිරි කිරීමේ බැංකු සමග ඒකාබද්ධ කිරීමට ඉඩ නොදෙන බව ය.

සේවක අර්ථ සාධක සහ සේවක භාරකාර අරමුදල් ඒකාබද්ධ කිරීම පිළිබඳව නැවත සලකා බැලිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

රාජ්‍ය සේවකයින්ගේ වාහන බලපත්‍රය අහෝසි නොකළ යුතු බවත්, අධ්‍යාපනයට වෙන් කර ඇති සැබෑ මුදල හෙළි කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“මේ අයවැය ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂයේ උපනායක, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතායි. මේ අයවැය පිළිබඳව ඇතැම් ගැටළු තිබෙනවා. මේ ගැටළු විසඳාගෙන ඉදිරියට යා යුතුයි. මූලික ජාතික කාරණා ඉලක්ක කරගෙන ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ආණ්ඩුවක් සකසා ගත්තා. 

මේ අයවැයේ විශේෂ කාරණය තමයි, අපේ සුළු, කුඩා, මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබීම.පුංචි ව්‍යවසායකයන් අද මේ රටේ සියයට අනූ නවයක් වන ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන් පිළිබඳව පළමු වරට විශේෂ අවධානයක් මෙවර අයවැයෙන් යොමු කරලා තිබෙනවා. ඒ හරහා ඇප නොමැතිව ණය දීමට අරමුදලක් සඳහා යෝජනා කර තිබෙනවා.දිවිනැගුම, සමෘද්ධි ව්‍යාපරය ලෙස ඉදිරියට ගෙනි යනවා.“ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 December 2015 15:48