May 19, 2024

නාරාහේන්පිට ඕඅයිසීට අම්පාරට මාරුවක්

December 02, 2015

නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ජී.යූ.ඩී ගුණතිලක මහතා වහා ක්‍රියාත්මක වන පරිදි අම්පාර පොලිසියේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර තිබේ.

එම විශේෂ පොලිස් පණිවුඩය පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා ඊයේ (01) රාත්‍රී නිකුත් කළේය.

ව්‍යාජ ලියැවිල්ලක් සකස් කිරීමට රුපියල් ලක්ෂ 25ක අල්ලසක් ලබා ගත්තැයි සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සිරි සුගතපාල අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනු ලැබූ අතර නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන බව එම කොමිසම පසුගිය දා අධිකරණයට දැන්වීය.

නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ලෙස බලංගොඩ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එච්.පී.ජී ප්‍රසන්න මහතා පත් කර ඇත.

Rate this item
(0 votes)