May 19, 2024

යුධ අපරාධ විමර්ශණය ගැන තම මතය චන්ද්‍රිකා කියයි

ජාතික සංහිඳියාව පිළිබඳ අවසන් විසඳුම විය යුත්තේ ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජනවර්ගවලට සාධාරණය ඉටුවන විසඳුමක් බවත් එහිදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගැනීමට හැකි බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඊයේ (01) කොළඹ පිහිටි ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පළ කළේ ය.

තම රජය සමයේ ඉදිරිපත් කර තිබූ බලය විමධ්‍යගත කිරීමේ යෝජනාවලියේ සිට මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්වුණු උදලාගම වාර්තා දක්වා වන සියලුම යෝජනා කෙරෙහි අවධානය යොමුකරමින් මෙම අවසන් විසඳුම සකස් කරගත හැකි බව ඇය පෙන්වා දුන් අතර මාධ්‍යවේදියෙකු විමසා සිටියේ උදලාගම වාර්තාව මගින් යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා විදේශීය විනිසුරුවරුන්ගේ අවශ්‍යතාව සඳහන් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිනිය දරන්නේ කෙබඳු අදහසක් ද යන්නයි.

තමාටත් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසය පළුදු වී ඇතිවා වුවත් විදෙස් විනිසුරුවරුන් සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාවක් නැතැයි තමාගේ පුද්ගලික මතය බව ඇය මෙහිදී සඳහන් කළාය.

මෑතකදී හිටපු එල්.ටී.ටී.ඊ රැඳවියන් නිදහස් කරලීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනියගේ ස්ථාවරය කුමක්දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදුව ඇය කියා සිටියේ ආරක්ෂක අංශවල සාමාජිකයින්ට චෝදනා ගොනුකර දඬුවම් කළ යුතුයයි ඉල්ලීමක් ඇත්නම් ඒ ආකාරයෙන්ම චෝදනා ගොනුකරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ටද දඬුවම් හිමිවිය යුතු බවයි.

වීඩියෝව පහතින්

Rate this item
(0 votes)