May 19, 2024

සෝභිත හිමිට ප්‍රතිකාර කළේ ලියාපදිංචිය අලුත් නොකළ වෛද්‍යවරයෙක්!

December 02, 2015

වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අලුත් නොකළ වෛද්‍යවරුන් පිරිසක් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර කටයුතු සිදු කරන බවට චෝදනා කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (01) පොලිස්පතිවරයාට ලිපියක් භාර දී තිබේ. 

එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාද එම පිරිස අතර සිටින බවයි.

වෛද්‍යවරයෙකු රෝහලක ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය සභාවේ ලියාපදිංචිය වසර 5 න් 5 ට අලූත් කළ යුතු බවත් එසේ නොකර ප්‍රතිකාර සිදුකිරීම නීත්‍යානුකූල නොවන බවත් වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා මහතා පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 December 2015 14:03