May 19, 2024

අයවැය දෙවැනි වර ඡන්ද විමසීම අද

December 02, 2015

2016 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (02) පස්‌වරු 5.00 ට සිදු කිරීමට නියමිතය.

අයවැය කතාව මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් පසුගිය 20 වැනි දා ඉදිරිපත් කළ අතර දෙවන වර කියවීමේ විවාදය 21 වැනිදා සිට දින 09 ක්‌ (සෙනසුරාදා ඇතුළත්ව) පෙරවරු 9.30 සිට පස්‌වරු 6.30 දක්‌වා පැවැත්විණි.

අය වැය තුන්වැනිවර කියවීමේ කාරක සභා අවස්‌ථාවේ විවාදය හෙට (03) ඇරැඹෙන අතර එය 19 වැනිදා (සෙනසුරාදා) දක්‌වා පෙරවරු 9.30 සිට පස්‌වරු 6.30 දක්‌වා පැවැත්වේ. අයවැය අවසන්වර ඡන්ද විමසීම 19 වැනිදා පස්‌වරු 5.00 ට සිදු කෙරේ.

Rate this item
(0 votes)