May 19, 2024

ආණ්ඩුවට රතු එළියක්: අයවැයට එරෙහිව වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සූදානම්

December 02, 2015

මෙවර අයවැයට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති කිහිපයක් වැඩවර්ජනයකට සූදානම් වී තිබේ.

ඒ අනුව මෙවර අයවැය යෝජනාවන්ගෙන් රාජ්‍ය සේවය දියකර හැරෙන බවට චෝදනා කරන වෘත්තීයවේදීන්ගේ දීපව්‍යාප්ත සේවාවන් 17 ක්‌ ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමටද තීරණය කර ඇත.

විවිධ වෘත්තීය සමිති ඊයේ(01) මාධ්‍ය හමු කැඳවමින් ඔවුන් මුහුණදී ඇති ගැටලු පිළිබඳ පැහැදිලි කළහ.

සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ සේවාවන් 14 ක වෘත්තිය සමිති අද මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ, ඔවුන් එක්දින වැඩ වර්ජනයකට සුදානම් බව ය.

රාජ්‍ය‍ සේවයේ වෘත්තිය සමිති 17 කින් සමන්විත දීප ව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ද වෙනම මාධ්‍ය හමුවකට සහභාගි විය.

පෞද්ගලික බස් හිමියන් ද වැඩ වර්ජනයක් සඳහා සුදානම් බව ඊයේ ප්‍රකාශ කළේ ය.

දුම් සහතික ගාස්තු ඉහළ දැමීම, වාහන බදු වැඩිකිරීම ඇතුළු මෙවර අයවැයෙන් තමන්ට සිදුව ඇති අහිතකර බලපෑමට විරෝධය පළ කරමින් අද දකුණු පළාත් පාසල් රථ සේවා සංගම් ද විරෝධය පළ කළහ.

මෙවර අයවැය යෝජනා තුළ රාජ්‍ය බැංකු ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ලකර ඇති බව ලංකා බැංකු සේවක සංගමය පෙන්වා දුන්නේ ය.

අන්තර් සමාගම් සේවක සංගමයට අයත් හෝටල් සේවක මධ්‍යස්ථානය ඊයේ සංචාරක අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

ඒ මෙවර අයවැයෙන් තමන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටි අයිතීන් නැතිකර නව කම්කරු නීති හඳුන්වා දීමට කටයුතු කර ඇති බව පවසමිනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 December 2015 01:47