May 19, 2024

නව ව්‍යවස්ථාව සැකසීමට පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් කරයි

December 01, 2015

රාජ්‍ය, මුදල් සහ තවත් විෂයන් දහසයකට අදාළව පාර්ලිමේන්තු කමිටු ආරම්භ කරන බවත් ඒවා සියල්ලෙහි සභාපතීත්වය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ 08 වැනි දිනය ආරම්භ කරමින් අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ය.

ඉදිරි වසරේ දී එය ආරම්භ කරන බවත් රටට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරන බවත් අගමැතිවරයා එහි දී පෙන්වා දුන්නේ ය.

ඉදිරි වසරේ දී මේ සියල්ලට අයත් පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)