May 19, 2024

ජලාශ 11ක වාන් දොරටු විවෘතයි 

December 01, 2015

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 73න් 11ක වාන් දොරටු විවෘත කර තිබේ. 

වාන් මට්ටමට පැමිණීමට පෙර ජලය පාලනය කිරීම සඳහා මෙසේ වාන් දොරටු කිහිපය බැගින් විවෘත කළ බව එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. මෝහනරාජා මහතා සඳහන් කරයි.

මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (01) පස්වරුවේ  ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකි අතර මුහුදු ප්‍රදේශවල සුළං වේගය කිලෝමීටර් 70 - 80 දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. 

Rate this item
(0 votes)