May 19, 2024

මාර්ග තදබදයෙන් අහිමිවන මුදල බිලියන 397ක්

December 01, 2015

මෙරට නගර ආශ්‍රිත ව පවතින අධික වාහන තදබදය හේතුවෙන්  2014 වසරේ දී රටට රුපියල් බිලියන 397 ක් අහිමි වී ඇති බවත් වාහන තදබදය නිසා නගරයක් තුළ වාහනයක සාමාන්‍ය ධාවන කාලය පැයට කිලෝමීටර් 20 සිට 12 දක්වා අඩු වී තිබෙන බවත් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ මහා නගර සහ බස්නාහිර පළාත් සුවිසල් නගර සංවර්ධන සැලසුම් සහ ව්‍යාපෘතිය පිළිබඳ ජනතා අදහස් හා යෝජනා ලබා ගැනීමට ඊයේ (30) පැවැති සම්මන්ත්‍රණයක දී ය.  

සමස්ත පළාත්වල නගර දියුණු කිරීම සඳහා 2016 වසරේ දී සංවර්ධන පනතක් ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේ ය.

ලංකාවේ ප්‍රධාන නගරය කොළඹ වුව ද ඒ තුළ පැල්පත්වාසීන් 68,000 ක් ජීවත්වන බවත් මීට අමතරව යාචකයන් 500කට අධික ප්‍රමාණයක් සහ සුනඛයන් 16,000 ක් සිටින බවත් හෙතෙම සඳහන් කළේ ය.

රට තුළ පිහිටි නගර ශීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබෙන බවත් කොළඹ ආශ්‍රිත ව ගතහොත් කොළඹ නගරයට වඩා මේ වනවිට හෝමාගම, කඩුවෙල ප්‍රදේශ ආශ්‍රිතව නාගරීකරණය සිදුවන බවත් අමාත්‍යවරයා පැවසී ය.

පොදුවේ ගත්කල මීට දශක තුකකට පෙර කොළඹ නරගය දිනකට වාහන ඇතුළු වූයේ වාහන 132,000 ක් පමණක්  වුව ද අද වනවිට එය ලක්ෂ 05 දක්වා වර්ධනය වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ය.

මීට අමතරව රට නාගරීකරණයට ලක්වීමට සමගාමීව 2016  වසර තුළ දී නව ජාතික හැඳුනුම්පතක් හඳුන්වා දෙන බවත් එම හැඳුනුම්පත ක්‍රෙඩිට් කාඩ්පතක් ලෙස, විදේශ ගමන් බලපත්‍රය ලෙස හා බස් රථයක ගමන් කරන විට ගෙවීම් සිදු කිරීමට වැනි තාක්ෂණිකාංගයන්ගෙන් සමන්විත බවත් රණවක මහතා සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 December 2015 10:04