May 19, 2024

රෝසිගේ පෙත්සම කල් යයි

December 01, 2015

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් ලබාගත් මනාප ඡන්ද යළි ගණන් කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝසි සේනානායක මහත්මිය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන පෙබරවාරි 23 වැනි දා නැවත සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30) තීන්දු කරනු ලැබී ය.

කොළඹ ඡන්ද යළි ගණන් කරන්නැයි, ඉල්ලා හිටපු අමාත්‍යවරියකවන රෝසි සේනානායක මහත්මිය විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම චන්ද්‍රා ඒකනායක, සිසිර ද ආබෘ සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (30) කැඳවී ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 December 2015 13:24