May 19, 2024

O/L උපකාරක පන්ති දෙසැම්බර් 02 සිට තහනම්

November 30, 2015

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව සංවිධාන කරන උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු දෙසැම්බර් 02 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 න් පසු නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර තිබේ.

ඊට පටහැනි ව කටයුතු කරන පුද්ගලයන් ප්‍රසිද්ධ විභාග පනත යටතේ වරදකරුවෙකු විය හැකි බව විභාග කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයක දැක් වේ.

ඒ අනුව දෙසැම්බර් 02 වැනි දා සිට 14 වැනි දා දක්වා එවැනි සම්මන්ත්‍රණ හා දේශන මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හෝ බෙදා හැරීම ද තහනම් වේ.

 

Rate this item
(0 votes)