May 19, 2024

පොදුරද මඩුළු සමුළුවෙන් ජනපතිට සම්මානයක්

November 30, 2015

පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ ප්‍රජාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් සුවිශේෂී සහයෝගය සහ දායකත්වය උදෙසා පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සම්මේලනය විසින් ජනාධිපතිවරයා වෙත ඇගයීමේ සම්මානයක් පිරිනමා තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සම්මේලනයේ සභාපති අහමඩ් අඩමු (Ahamed Adamu) - මහතා විසින් මෝල්ටා රාජ්‍යයේ දී ජනාධිපතිවරයා වෙත මෙම සම්මානය පිරිණමන ලදී.

මෙම අවස්ථාවට පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සම්මේලනය නියෝජනය කරමින් ශිරෝමී වත්සලා සමරකෝන්, තාරිකා දිලීපනී සහ මොහොමඩ් හුස්නි(mohomed Husni) - යන මහත්ම මහත්මීන් ද සහභාගී වී සිටියහ.

Rate this item
(0 votes)