May 19, 2024

නව නිපැයුම් ජනපතිගේ අධීක්ෂණයට

November 30, 2015

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් ආරක්ෂක ක්ෂේත්‍රයේ සහ වෙනත් තාක්ෂණික ක්ෂේත්‍රයන්හි සොයා ගත් නව නිපැයුම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධීක්ෂණයට යොමු කිරීම පසුගිය දා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 

පර්යේෂණ කර සොයා ගන්නා මෙවැනි නව නිපැයුම් රටේ අභිවෘද්ධියට සහ සංවර්ධනයට යොදා ගැනීම අතිශයින් වැදගත්වන බව පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ මෙම නව සොයා ගැනීම් අගයමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටිරාන් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. 

Rate this item
(0 votes)