May 19, 2024

ගැටළුවලට විසඳුම් නැති නිසා වෘත්තීය සමිති 50ක් රැස්වෙයි

November 30, 2015

අයවැයෙන් තම ගැටළුවලට අපේක්ෂිත විසඳුම් නොලැබීම හේතුවෙන් අද (30) දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් පවත්වන බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි. 

වෘත්තීය සමිති 50කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් එම සාකච්ඡාව අද පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට නියමිත බව එම පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

Rate this item
(0 votes)