May 19, 2024

බන්දුලගේ ඉල්ලීම තිලංග ඉවත දමයි

November 30, 2015

2016 අයවැයේ අධ්‍යාපනයට අදාළ ශිර්ෂයේ සාවද්‍ය කරුණු ඇතුළත් බවත් ඒ අනුව අයවැය කාරක සභා අවස්ථාවට පෙර එම කරුණු ඉදිරිපත් කිරීමට කල්තැබීමේ විවාදයක් හා කරුණු සංශෝධනය කිරීමට කටයුතු කිරීමටත් ඉඩ ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ ඉල්ලීම නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. 

නියෝජ්‍ය කතානායකවරයා පැවැසුවේ අදාළ කරුණ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවි කරුණනායක මහතා පාර්ලිමේන්තුවේ පැහැදිලි කිරීමක් කර ඇති බවයි. 

නියෝග 17 එක යටතේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම යෝජනාව අද (30) පෙරවරුවේ සභාවට ඉදිරිපත් කළ අතර, ඊට අදාළව කරන ලද ඉල්ලීම් ලබාදිය නොහැකි බව මුලසුනේ සිටි නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේය. 

කෙසේ වෙතත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 30 November 2015 11:24