May 06, 2024

ජවිපෙ - ඉන්දීය ආම් ආදාම් පක්ෂය අතර හමුවක්

November 29, 2015

මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉන්දියාවේ දූෂණ විරෝධී පක්ෂය වන අරවින්ද් කෙජ්රිවාල් මහතා නායකත්වය දරන ආම් ආදාම් පක්ෂයේ ජාතික මට්ටමේ නායකයෙකු වන බිපුල් දේ මහතා හමුවිය. 

පසුගිය 28වැනිදා ආම් අදාම් පක්ෂයේ දිල්ලි කාර්යාලයේදී මෙම හමුව සිදු කෙරිණි. සුනිල් හඳුන්නෙත්ති මහතා සමග වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාද එම හමුවට සහභාගි විය.

දූෂණ විරෝධී දිනය නිමිත්තෙන් ලබන දෙසැම්බර් 09 වැනිදා ලංකාවේදී පැවැත්වීමට නියමිත දූෂණ විරෝධී කටයුතු කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සුනිල් හදුන්නෙත්ති මහතා ආම් අදාම් පක්ෂයට ආරාධනාවක්ද කළේය. 

ඊට අමතරව පක්ෂ දෙක අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. පක්ෂ දෙක අතර හමුවක් සිදුවන්නේ ප්‍රථම වතාවටය.

අන්නා හසාරේ ව්‍යාපාරයෙන් බිඳි නව ව්‍යාපාරයක් ලෙස ආම් අදාම් පක්ෂය බිහිවිය. අරවින්ද් කෙජ්රිවාල් මහතාගේ නායකත්වයෙන් යුත් එම පක්ෂය පසුගිය දිනවල මහත් කතා බහට ලක්වූයේ දූෂණ විරෝධී ව්‍යාපාරය නිසාය. මේ වනවිට දිල්ලි ප්‍රාන්තයේ පාලන බලය හොබවන්නේ ආම් අදාම් පක්ෂයය.

ලංකාවේ රාජ්‍ය ආයතන සම්බන්යෙන් වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිවරයාද වන්නේ සුනිල් හඳුන්නෙත්ති මහතාය. 

Rate this item
(0 votes)
Last modified on Monday, 30 November 2015 00:55