May 06, 2024

පාසල් කඩඉම් විභාග ක්‍ර‍මය නවතී!

November 29, 2015

ළමයින්ගේ ළමා කාලය නැති කරමින් මුළු ජීවිතයම ශිෂ්‍යත්ව විභාගය ලෙස සලකන දෙමාපියන් සිටින බවත් කඩඉම් විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී සිතා බලා කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ හොඳම දේ දරුවන්ට දීම සඳහා දියුණු රටවල අධ්‍යාපන ක්‍රම පිළිබඳ අධ්‍යයනක් සිදු කරමින් සිටින බවයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් ම සමත් සිසුන් 11 දෙනෙකු සඳහා ලැප්ටොප් පරිගණක සහ මුදල් ත්‍යාග ලබා දීමේ උත්සවයක්  අපේගම පරිශ්‍රයේ පසුගියදා පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

දැනුම පදනම් වූ රැකියා ප්‍රමුඛ අධ්‍යාපනයේ විප්ලයක් සිදු කිරීම, සමබර පෞරුෂත්වයක් සහිත පිරිසක් බිහි කිරීම, දැනුමේ විශාල ගැඹුරක් ඇති කිරීමට නව අධ්‍යාපන වෙනස තුළින් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

“අධ්‍යාපනය සඳහා යොදවන මුදල් ආයෝජනයක් වෙනවා. අධ්‍යාපනයේ සිදුවන වැරදි පරම්පරා ගනනාවකට බලපෑම් ඇති කරනවා. ඒ අනුව අධ්‍යාපනයේ අත්හදා බැලීම් සිදු කිරීමට සූදානම් නෑ“ යැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක තිබෙන පාසල් 2ක් සඳහා නවීන තාක්ෂණික පහසුකම් ලබා දීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)