May 06, 2024

ජනපති අද ප්‍රංශයට

November 29, 2015

මෝල්ටා රාජ්‍යයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (29) ප්‍රංශයට බලා පිටත්ව යාමට නියමිතය.

ජනාධිපතිවරයා මෙලෙස ප්‍රංශය බලා පිටත්ව යාමට නියමිතව ඇත්තේ දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීම සඳහායි.

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව හෙට(30) ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා 1992 වසරේදී ඇති කරගත් සම්මුතිය යටතේ පැවැත්වෙන 21 වැනි සමුළුව මෙයයි.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් විශ්වීය සම්මුතියකට එළඹීම, නෛතික බැඳීම් සහ ගතහැකි ක්‍රියාමාර්ග හඳුන්වා දීම, යන ඉලක්ක සහිතව මෙම සමුළුව සංවිධානය කර තිබේ.

සාකච්ඡා කර විසිර යාම වෙනුවට ප්‍රායෝගික එළැඹුමක් සඳහා යොමුවීම මෙවර සමුළුවේ අපේක්ෂාවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් අතරින් රාජ්‍ය නායක නායිකාවන් 80 දෙනෙකු පමණ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගි වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ දැක්වේ.

Rate this item
(0 votes)